Sunday, March 03, 2019


පළමු පාඩම


මොකක්ද  මේ  Computer Number System එක කියන්නේ ?





ඔයාලා අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ,  තවත් අලුත් Playlist එකක් එක්කයි. මේ Playlist එකේ නම තමයි Computer Number System කියන Playlist එක. මේ Playlist එක යටතේ මම Video 7ක් විදියට ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ Playlist එකෙන් මං ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ, Computer Number System එක කියන්නේ මොකක්ද කියලා හදුන්වාදීමේ මුල්ම Video එක ගැනයි.

එහෙනම් වැඩි කතා නොකර අපි යමු Video එකට.

අපි පරිගණකයේ මොනවා හරි Type කරන අකුරු හෝ වචන පරිගණකය මගින් Type කරන අකුරු හෝ වචන ඉලක්කම් බවට පරිවර්තනය කර ගන්නවා. මේකට හේතුව තමයි, අපි මේ Type කරන අකුරු හෝ වචන අපිට තේරුම් ගන්න පුළුවන් උනාට, පරිගණකයක් Type කරන අකුරු හෝ වචන තේරුම් ගන්නේ ඉලක්කම් විදියටයි.

ඉතිං පරිගණකයේ තියෙන මේ එක ඉලක්කමක් අපි හදුන්වන්නේ, Bit එකක් විදියටයි.

පරිගණකයේ දත්ත නිරුපණය කිරීම සදහා යොදා ගන්නා මේ Number System එක කොටස් 4ක් අපිට හදුන්වන්න පුළුවන්. ඒවානම්;

          1. Binary Numbers ( ද්වීමය සංඛ්‍යා )
     2. Octal Numbers ( අශ්ටමය සංඛ්‍යා )
     3. Decimal Numbers ( දශමය සංඛ්‍යා )
     4. Hexa – Decimal Numbers ( ෂඩ් දශමය සංඛ්‍යා )

ආදී ලෙසට අපිට මේ Number System එක හදුන්වන්න පුළුවන්.

මේ Number System එක එකිනෙකට අපි විස්තර කරලා බලමු.

මුල්ම Number System එක තමා Binary Numbers. මේකට අපි ද්වීමය සංඛ්‍යා කියලත් කියනවා. මේකෙදි වෙන්නේ, විද්‍යුත් උපකරණයක් වෙන පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බලය ලැබුනොත් විතරයි. එනම්, විදුලි ධාරාව ඇත / නැත යන අවස්ථා දෙක සැලකිල්ලට ගනිමින් 0 සහ 1 යන අගයන් දෙක අනුපිළිවෙලින් ආදේශ කිරීමෙන් සංඛ්‍යා පද්ධතියක් හැදෙනවා. ඉතිං මේ 0 සහ 1 කියන සංඛ්‍යා වලට අපි කියනවා ද්වීමය සංඛ්‍යා කියලා. මේ Number System එකට Bit 2ක් භාවිතා වෙන නිසා දෙකේ පාදයේ Number System කියලත් හදුන්වනවා.

උදාහරණයක් විදියට 1012 කියන සංඛ්‍යාව ගමු.

22,   21,   20 ----- බර සාධක
1      0     1  ----- ද්වීමය අංක

මෙහි 22, 21, 20 කියන මේ අගයන් ද්වීමය සංඛ්‍යා පද්ධතියේ බර සාධක විදියට හදුන්වනවා.

අපි දෙවැනියට බලමු මේ Octal Numbers කියන්නේ මොනවද කියලා. මේ Number System එකට අපි අශ්ටමය සංඛ්‍යා කියලත් කියනවා. ඒ කියන්නේ 0, 1, 2, 3, 4, 5, 6 සහ 7 යන මේ Bit 8ක් තියෙන නිසා තමයි අපි අශ්ටමය සංඛ්‍යා කියලා කියන්නේ. ඒ වගේම මේ Number System එකට Bit 8ක් භාවිතා වෙන නිසා අටේ පාදයේ Number System කියලත් හදුන්වනවා.

උදාහරණයක් විදියට 1548 කියන සංඛ්‍යාව ගමු.

82,   81,   80 ----- බර සාධක
1      5     4  ----- අශ්ටමය අංක

මෙහි 82, 81, 80 කියන මේ අගයන් අශ්ටමය සංඛ්‍යා පද්ධතියේ බර සාධක විදියට හදුන්වනවා.

අපි තුන් වෙනියට බලමු මේ Decimal Numbers කියන්නේ මොනවද කියලා. මේ Number System එකට අපි දශමය සංඛ්‍යා කියලත් කියනවා. ඒ කියන්නේ 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 සහ 9  යන මේ Bit 10ක් තියෙන නිසා තමයි අපි දශමය සංඛ්‍යා කියලා කියන්නේ. මේ Number System එකට Bit 10ක් භාවිතා වෙන නිසා දහයේ පාදයේ Number System කියලත් හදුන්වනවා.

උදාහරණයක් විදියට 65 කියන සංඛ්‍යාව ගමු.

65 = 60             +      5
     = (6x10)      +      (5x1)     ----- දශමය අංක
     = (6x101)     +      (5x100) ----- බර සාධක

මෙහි 101, 100 කියන මේ අගයන් දශමය සංඛ්‍යා පද්ධතියේ බර සාධක විදියට හදුන්වනවා.

අපි දැන් අවසාන එක බලමු මේ Hexa – Decimal Numbers කියන්නේ මොනවද කියලා. මේ Number System එකට අපි ෂඩ් දශමය සංඛ්‍යා කියලත් කියනවා. ඒ කියන්නේ 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන Bit 10ත් සහ A, B, C, D, E, F  යන ඉංග්‍රීසි අකුරු 6ත් යොදාගෙන තමයි අපි ෂඩ් දශමය සංඛ්‍යා කියලා හදුන්වන්නේ. මේ A, B, C, D, E, F  යන ඉංග්‍රීසි අකුරු 6ට අපි භාවිතා කරන්නේ, 10, 11, 12, 13, 14, 15 සහ 16 යන Bit පිළිවෙළටයි. ඒ වගේම මේ Number System එකට Bit 16ක් භාවිතා වෙන නිසා දාසයේ පාදයේ Number System කියලත් හදුන්වනවා.

උදාහරණයක් විදියට 5BF කියන සංඛ්‍යාව ගමු.

162,   161,   160 ----- බර සාධක
5         B       F  ----- අශ්ටමය අංක

මෙහි 162, 161, 160 කියන මේ අගයන් ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතියේ බර සාධක විදියට හදුන්වනවා.

හරි අපි දැන් මේ Number System එකිනෙකට පර්වර්තනය කරන ආකාරය ක්‍රම 12කට බෙදලා දක්වන්න පුළුවන්. ඒවානම්;

1. දශමය සංඛ්‍යා - ද්වීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     2. ද්වීමය සංඛ්‍යා - දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     3. දශමය සංඛ්‍යා - අශ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     4. අශ්ටමය සංඛ්‍යා - දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     5. දශමය සංඛ්‍යා - ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     6. ෂඩ් දශමය සංඛ්‍යා - දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     7. ද්වීමය සංඛ්‍යා - අශ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     8. අශ්ටමය සංඛ්‍යා - ද්වීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     9. ද්වීමය සංඛ්‍යා - ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     10. ෂඩ් දශමය සංඛ්‍යා - ද්වීමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     11. අශ්ටමය සංඛ්‍යා - ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.
     12. ෂඩ් දශමය සංඛ්‍යා - අශ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම.

මම මේ ඉහතින් ඔයාලට කියපු ක්‍රම 12 එකිනෙකට පර්වර්තනය කරන්නේ කොහොමද කියල මම ඔයාලට ඊලගට එන Videos වලින් කියලා දෙන්නම්.

හරි ඔය ටික තමා මේ Number System Playlist එක යටතේ එන මුල්ම Video එකෙන් මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ.  ඉතිං මේ Video එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක්ම ස්තූතියි. ඒ වගේම මේ Video එකෙ මොනවාහරි ප්‍රශ්න තියෙනවනම් ඒවත් පහලින් ඇති Comment Section එකෙන් විසද ගමු. මේ Video එකෙන් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම Video එකට Like එකක් දාන්න. ඒ වගේම මේ Number System එක ගැන ඔයාගේ යාලුවන්ටත් බලන්න මේ Video එක අනිවාර්යෙන්ම අමතක නොකර Share කරන්න. එහෙනම් අපි ආයේ තවත් අලුත් Video එකකින් ඉක්මනටම හමුවෙමු. මම ගිහින් එන්නම්. ඔබට දැනුමින් සපිරි සුභම සුභ දවසක් වේවා.

No comments:

Post a Comment