දෙවන පාඩම
Ø පරිගණක ජාලයක් ගොඩනැගීමේදී විවිධ වර්ගයේ උපකරණ භාවිතා කරනු ලැබේ. එම උපකරණ වලින් වැඩි වශයෙන් භාවිතා කරන උපකරණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. ඒවානම්,
1. Switches / Hubs
2. Repeaters
3. Bridges
4. Routers / Modems
5. Network Interface Cards (NIC)
6. Network Cables යනාදියයි.
Ø මේවා එකිනෙකට පහත දැක්වෙන පරිදි විස්තර කර බලමු.
01. SWITCHES / HUBS
Ø Switch එකක් පරිගණක කිහිපයක් එකට එක් කිරීමට මෙය යොදා ගනී.
Ø Switch එකක් එක් පරිගනකයක් සිට තවත් පරිගණකයක් වෙතට එක Data Packet එකක් එක් පරිගනකයක් සිට තවත් පරිගණකයක් වෙතට ගිහින් ආවට පස්සේ තම අනෙක් Data Packet එක යන්න පටන් ගන්න නිසා ඒ අතරවාරය තුල Data Packet අතර අවහිරතාවයක් ඇති නොවේ.
Ø මෙම Switch එකකින් Data Packets යැවීම සිදු වන්නේ අවශ්‍ය කෙනාට පමණක් වීම.
HUBS
Ø Hub එකකින් සිදු වන්නේද, ඉහතින් අපි සාකච්චා කරන ලද Switch එකකින් සිදුවන කාර්යයම ය. නමුත් මෙහි ක්රියාවලිය Switch එකකට වඩා බෙහෙවින්ම වෙනස්ය.
Ø Hub එකක් ඇති පරිගනකයක් සිට තවත් පරිගණකයක් වෙතට Data යවන විට එම ක්රියාවලිය සිදු වනුයේ, එක Data සියල්ලම එකට පරිගනකයක් සිට තවත් පරිගණකයක් වෙතට Data එක යන්න පටන් ගන්නේ. එවිට ඒ අතරවාරය තුල Data අතර අවහිරතාවයක් ඇති වේ. මෙම Switch එකකින් Data යැවීම සිදු වන්නේ, අවශ්‍ය කෙනාට පමණක් නොව එම ජාලයේ ඇති සියලුම පරිගනක වලට Data යයි. මෙම Hub වර්තමානයේ භාවිතා නොවේ.
2. REPEATERS
Ø Repeater එකකින් සිදුවන්නේ, දත්ත එහා මෙහා ගෙන යාමයි. එම ක්රියාවලිය සිදුවන්නේ විදුලි තරංග (Electric Signals) උපයෝගී කරගෙනය.
Ø මෙවැනි තරංග එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට එම තරංග දුර්වල වීමට ඉඩ ඇති වීම.
Ø එය මඟ හරවා ගැනීමට මේවා භාවිතා කරයි. එනම්, මින් අදහස් කරන්නේ දුර්වල වන තරංග නැවත ප්රකුර්ති තත්වයට පත් කිරීමය.
3. BRIDGE
Ø ස්ථානීය ප්රදේශ ජාල (Local Area Network - LAN) දෙකක් අතර පාලමක් ලෙසට සම්බන්ධ කිරීමට මෙය යොදා ගනියි.
4. ROUTERS / MODEMS
Ø Router එකක් යනු:- අන්තර්ජාලය හරහා දත්ත ගෙන යාම සඳහා භාවිතා කරන තවත් එක් උපකරණයකි.
Ø පරිගණක ජාලයක, එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගමන් කරන්නේ කුඩා කොටස් වලටය. එනම් ඒවා bits ලෙස හඳුන්වයි. (ඒ මන්ද යත්, මෙම උපකරණ වලට ඉංග්රීසි භාෂාව නොතේරෙන නිසා Data Packets හඳුනා ගන්නේ මේ bits උපයෝගී කර ගෙනය.)
Ø Router හරහා දත්ත ගමන් කරන්නේ Data Packets ලෙසටය. මෙම Data Packet එකක දත්ත යවන තැන හා දත්ත ලබන තැනට IP Address භාවිතා කරමින් මෙම Data Packets එහා මෙහා ගෙන යාම සිදු කරයි.
Ø එක් පරිගණක ජාලයක සිට තවත් පරිගණක ජාලයකට Data Packets ගමන් කරන විට අදාළ ලගම මාර්ගය (Best Path) තෝරා ගන්නේ ද මේ Router එක මඟිනි.
Ø මෙම Routers කොටස් කිහිපයකට බෙදිය හැකිය. ඒවානම්,
1. ADSL Routers
2. 3G,4G Routers
3. Wireless / Wi-Fi Routers ආදී ලෙසට දැක්විය හැක.
Ø මේවා පිළිබඳව පහත පරිදි එකිනෙකට සාකච්චා කර බලමු.
1. ADSL Routers
Ø ADSL Routers යනු:- A Digital Subscriber Line (ADSL) රව්ටර් බොහෝ විට බ්රෝඩ්බෑන්ඩ් යන නමින් හැඳින්වූ අතර, Digital Subscriber Line සේවාව සපයන දුරකථන මාර්ගයක් ඔස්සේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට භාවිතා කරන උපකරණයකි.
2. 3G, 4G Routers
Ø 3G, 4G Routers- ඔබේ නිවසේ තිබෙන පරිගණක සමඟ සම්බන්ධ වී අන්තර්ජාල භාවිතය සඳහා මේ මඟින් සලසයි.
Ø ඇන්ටනා සහ ස්ථාවර IP සිම් කාඩ්පත් යොදා ගනිමින් ඔබේ CCTV කැමරා පද්ධතිය, බලශක්ති පද්ධතිය, දුරස්ථ මාධ්ය හෝ ගොඩනැගිලි කළමනාකරණ යෙදීම සඳහා ඵලදායී ජංගම පුළුල් පරාස අන්තර් ජාල සම්බන්ධතා පවත්වා ගැනීමට අපි මේවා භාවිතයට ගනියි.
3. Wireless / Wi-Fi Routers
Ø Wireless / Wi-Fi Routers යනු:- රැහැන් රහිත රවුටරය ලෙස කටයුතු කරන ඉලෙක්ට්රොනික උපාංග වේ.
Ø එයින් සිදුවන්නේ, උපාංගය වෙත අන්තර්ජාලට සම්බන්ධ කේබල් එකේ සිට දත්ත යැවීම හා ලබා ගැනීම සිදු කරයි.
Ø මෙම දත්ත ගුවන් විදුලි සංඥා වෙනුවට තවත් කේබල් හරහා හවුලේ පරිහරණය කිරීමට යොදා ගනියි.
MODEMS
Ø Modems එකක් යනු:- අන්තර්ජාලය හරහා එක් ස්ථානයක තිබෙන පරිගණකයක් තවත් ස්ථානයක ඇති පරිගණකයක් හා එකට සම්බන්ධ කිරීමෙන් එම පරිගණක යන්ත්‍ර දෙක අතර අන්තර්ජාලය හරහා දත්ත සන්නිවේදනය කල හැකි වීම.
Ø මෙහිදී පරිගණක එකට සම්බන්ධ කරනුයේ දුරකථන මාර්ග ආධාරයෙනි. ඒ අනුව මෙහෙදී දත්ත සම්ප්රේෂනය සිදු වන්නේ විදුලි තරංග මගින්ය.
Ø මෙසේ සම්ප්රේෂනය වන අඛණ්ඩ තරංග (Analog Signal) ලෙස හැඳින්වේ. පරිගණක ඇතුලත ක්රියාවලිය සිදු වන්නේ + හා - විදුලි තරංග වශයෙනි.
Ø මෙම විදුලි තරංග ගමන් කරන්නේ කුඩා කොටස් වලටය. එනිසා මෙහිදී මෙම සංඛ්යාංක තරංග (Digital Signal) ලෙස හැඳින්වේ.
Ø ඒ අනුව දුරකථන රැහැන් හරහා එන අඛණ්ඩ තරංග සංඛ්යාංක තරංග බවට පත් කිරීමත්, පරිගණක වෙතින් දුරකථන රැහැන් වෙත යොමු වන දත්ත ඒවා තුලින් ගෙන යා හැකි අඛණ්ඩ තරංග බවට පත් කිරීමත් යන දෙකම සිදු වන්නේ මේ Modem එක තුලය.
5. NETWORK INTERFACE CARDS (NIC)
Ø Network Interface Cards (NIC) එකක් යනු:- පරිගණක එකිනෙක හා සම්බන්ධ කිරීමට මෙම Network Interface Card එක අපට විශේෂයෙන්ම වැදගත් වන උපකරණයකි.
Ø සමහර පරිගණක වල මෙම Network Interface Card එක දක්නට ඇත.
Ø එම Network Interface Card එකේ ඇති Network Port (RJ 45) එක Network Cable හරහා සම්බන්ධ කිරීමෙන් පරිගණක ජාලගත කරගත හැක.
6. NETWORK CABLES
Ø මෙම Network Cable හරහා පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමෙන් පරිගණක ජාලගත කරගත හැක.
Ø මෙසේ සාදා ගන්නා ලද පරිගණක පද්ධතියකට අපි පරිගණක ජාලකරණයක් ලෙස කියනු ලැබේ.
No comments:
Post a Comment