Sunday, March 03, 2019


තුන්වෙනි පාඩම

පරිගණක ජාලකරණයක වාසි හා අවාසි මොනවාද?





පරිගණක ජාලකරණයක වාසි :-


1. කාර්යාලයක් තුල පවතින සම්පත් බෙදා ගෙන භාවිතා කිරීමට ඇති හැකියාව.

2.දත්ත ඉතාමත් ඉක්මනින් පරිගණකයකින් තවත් පරිගණකයක් වෙත හුවමාරු කර ගැනීමට ඇති හැකියාව.

3.යම්කිසි පරිගණක ජාලයක ඇති එක් පරිගණකයකට පමණක් පරිගණක මෘදුකාංග හෝ අනෙකුත් දත්ත ඇතුලත් කර ඒවා අනෙක් පරිගණක තුල සිට භාවිතා කිරීමට ඇති හැකියාව.

4.ජාලගත පරිගණක පද්ධතියක ප්රධාන පරිගණකයේ දත්ත ගබඩා කිරීම මඟින් අනෙක් අයට එම දත්ත භාවිතා කිරීමට නොහැකි වන අයුරින් සුරක්ෂිත කර ගැනීමට ඇති හැකියාව.

5.තමන්ට අවශ් දත්ත වෙනත් පරිගණක තුල ඇත්නම් තමන් සිටින පරිගණකයේ සිටම එම දත්ත භාවිතා කිරීමට ඇති හැකියාව.

පරිගණක ජාලකරණයක අවාසි :-


1.ප්රධාන පරිගණකයට (Server) කිසියම් භාධාවක් ඇති වුවහොත් එය මුළු ජාලය පුරාම පැතිරීමේ ඇති හැකියාව.

2.තනි පරිගණකයක් කළමනාකරණය කරනවාට වඩා ජාලයක් කළමනාකරණය ඇති නොහැකියාව.

3.භාහිර පුද්ගලයන් ජාලයට ඇතුල් වී පරිගණක වල ඇති දත්ත සොරා ගැනීමට ඇති හැකියාව.

4.ජාලයකට සම්බන්ධ වන පුද්ගලයන් වැඩිවන විට එහි ඇති දත්ත ඉක්මනින් ලබා ගැනීමට ඇති නොහැකියාව.

5.පරිගණක ජාලයක් ගොඩනැගීමේදී, Network Cables, Switches & Routers වැනි උපාංග වලට වියදමක් දැරීමට ඇති නොහැකියාව.